.webp)
COLOMBO (News 1st) – හෝමාගම කර්මාන්තපුරයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න නිවා දමා තිබේ.
පොලිසිය සඳහන් කලේ, අද (18)අලුයම 3.00ට වනවිට ගින්න නිවා දැමූ බවයි.
විටින් විට රසායනික ද්‍රව්‍ය පුපුරායාම හේතුවෙන් ගිනි නිවා දැමීම අසීරු වූ බව පොලිසිය සඳහන් කළේ ය.
යුද හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේද සහය ඇතිව ගින්න නිවා දමා තිබේ.
ඒ සඳහා ගිනි නිවීම් සේවා රථ 06ක් හා කාර්ය මණ්ඩලයයේ සහය ලබා ගැනුණි.
ගින්න හේතුවෙන් වායුවේ ගුණාත්මක භාවයට කිසියම් බලපෑම් සිදු වී ඇද්ද යන්න සොයා බැලීමද සිදු කෙරුණි.