පුද්ගල ඝාතනයකට සැකකරුවෙකු අත්අඩංගුවට..

වැලිවේරියේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 18-08-2023 | 9:02 AM

COLOMBO (News 1st) –  වැලිවේරිය ප්‍රදේශයේදී ඉකුත් 13 වැනිදා යතුරුපැදියකින් පැමිණ මොටර් රථයකින් යමින් සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ය. 

පොලිසිය සඳහන් කළේ, සැකකරු නැදගමුව, සියඹලාපිටිය, වැවේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රැම් 707 ක් , ජංගම දුරකතනයක් සහ යතුරුපැදියක්ද සොයාගෙන තිබේ. 

පොලිසිය සඳහන් කළේ, 39 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සැකකරු වැලිවේරිය පොලිසියට භාර දී ඇති බවයි.