මුදල් නාස්තිය වළක්වා ගැනීමට නව යාන්ත්‍රණයක්

ප්‍රාදේශීය සභා, පළාත් සභා හා මධ්‍යම රජය සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීමට නව යාන්ත්‍රණයක් සකස් කරනවා - ජනපති

by Staff writer 18-08-2023 | 5:10 PM

COLOMBO (News 1st) - ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිතුමා ඒ බව සඳහන් කර ඇත්තේ, පළාත් සභාවල ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් හමු වූ අවස්ථාවේදීය. 

පළාත් පාලන කටයුතුවලට සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා එහිදි සඳහන් කර ඇත.