.webp)

ලද තොරතුරක් අනුව සැකකරු මාතර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවෙන් පලා ගොස් ඇති කමාන්ඩෝ සෙබළෙක් බවයි.
වෙඩි තැබීමට යොදා ගත් ටී 56 ගිනි අවිය පොලිස් විශේෂකාර්ය බලකාය විසින් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.
ඔහු එම ස්ථානයට අවිය රැගෙන විත් වෙඩි තබන්නට ඇතැයි පොලීසිය විසින් සැක පළ කර ඇත.
එම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මාතර වේරගම්පිට ප්රදේශයේ පදිංචි සංජීව පුෂ්පකුමාර නැමැති වයස අවුරුදු 43 ක් වූ එක්දරු පියෙකි.
