ජල විදුලි ජනනය 15 % ක් දක්වා පහළට..- ලංවිම

ජල විදුලි ජනනය 15 % ක් දක්වා පහළට..- ලංවිම

by Staff writer 18-08-2023 | 10:05 AM

COLOMBO (News 1st) –  ජල විදුලි ජනනය 15 % ක් දක්වා පහළ ගොස් තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව මේ වනවිට 23% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

රන්දෙණිගල ධාරිතාව 8.1 % ක් දක්වාත් වික්ටොරියා ජලාශයේ ධාරිතාව 27% ක් දක්වාත් මේ වනවිට පහළ ගොස් අවසන් ය.

සමනල වැව ජලාශයේ ධාරිතාවද සමස්ත ධාරිතාවයෙන් මේ වනවිට 1.9% ක් දක්වා පහළ ගොස් තිබේ. 

මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට විදුලි ඉල්ලුමෙන් 80 % ක්ම සැපයෙන්නේ ගල් අඟුරු හා තාප විදුලියෙන් ය.

මේ අතර, මාස 6 ක කාලයක් සදහා මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.