.webp)

කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද බල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
හෙට පෙරවරු 8.00 සිට අනිද්දා (20) අලුයම 2.00 දක්වා එම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
විදුලිබල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත.
