2022 සා/පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් හෙට සිට

2022 සා/පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් හෙට සිට

by Staff writer 17-08-2023 | 6:12 AM

COLOMBO (News 1st) - 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු හෙට (18) දින ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ, ලබන 27 වෙනි දා දක්වා ඇගයීම් කටයුතු ක්‍රියාත්මක බවයි.

මෙම ඇගයීම් කටයුතු පාසල් නිවාඩු කාලය තුළ සිදු වන බැවින් කිසිදු පාසලක් අමතරව වසා නොතබන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.