.webp)

COLOMBO (News 1st) – වසරේ ගතවූ මාස 7 තුළ විද්වත් වෘත්තිකයින් 9300 ක් පමණ, රැකියා සඳහා විදේශ ගතව ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පෙන්වා දෙන්නේ, විවිධ වෘත්තිකයින් රට හැරයාම නිසා අපනයන කර්මාන්ත මේ වනවිට බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.
2022 මහ බැංකුවේ වාර්ෂික වාර්තාව අනුව රැකියා සඳහා විදේශගත වීම් 2021 වර්ෂයට සාපේක්ෂව154.4 % ක වැඩිවීමකි.
2020 වර්ෂයේ රැකියා සඳහා විදේශගත වී ඇති ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත වෘත්තිකයින් ගනන 2957 ක් වෙයි.
පසුගිය වර්ෂයේ එය 14,307 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගත වූ මාස 7 තුළ එම සංඛ්‍යාව 9300 කි.
