ප්‍රමිතිගත රාමුවක් තුළ ප්‍රා.අධ්‍යාපනය නගාසිටුවනවා

ප්‍රමිතිගත රාමුවක් තුළ මෙරට ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කරනවා - සුසිල් ප්‍රේමජයන්ත

by Staff writer 17-08-2023 | 5:46 PM

COLOMBO (News 1st) –  ප්‍රමිතිගත රාමුවක් තුළ මෙරට ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 

ඔහු ඒ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් සංවිධානය එක්ව මෙරට ප්‍රාථමික දරුවන් මිලියන 1.6ක් වෙනුවෙන් කොවිඩ් සමයේ අහිමි වූ අධ්‍යාපන අවස්ථා ලබා දීමේ ජාතික වැඩසටහනට සහභාගී වෙමින් ය. 

නුපුහුණු පිරිසක් ප්‍රාථමික ගුරුවරුන් ලෙස කටයුතු කිරීම, ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහළ යෑමට හේතු වී ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. 

ඔහු සඳහන් කළේ, නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ ඉදිරියේ දී කිසිදු අවස්ථාවක නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අධ්‍යාපනයෙහි නොයොදවන බවයි.