නවීන තාක්ෂණය සමග අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක්..

නවීන තාක්ෂණය සමග අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙනවා - ජනපති

by Staff writer 17-08-2023 | 6:34 PM

COLOMBO (News 1st) –  ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමග අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, අද නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින් ය.

ජනාධිපතිවරයා ඒහිදි වැඩි දුරටත් සඳහන් කළේ, ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත බවයි. 

කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් ක්‍රමවේදය, ජෙනොම් විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.