නිවාසවලට හානි වූ යානය ගැන සොයන්න කමිටුවක්

ගුවන් යානයක් පහතින් පියාසර කිරීමෙන් මීගමුවේ නිවාසවලට හානි වීම ගැන සොයන්න විද්වත් කමිටුවක්

by Staff writer 17-08-2023 | 6:10 AM

COLOMBO (News 1st) - ගුවන් යානයක් පහත් කිරීමෙන් මීගමුව, කටානේ නිවාසවලට හානි සිදුවී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබේ.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, මීට පෙර සිද්ධිය විමර්ශනය කිරීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පරීක්ෂණ කණ්ඩායමක් පත් කර තිබු බවයි.

ඔවුන් ලබාදුන් වාර්තාව පිළිබඳ ඇතැම් පාර්ශ්ව සෑහිමකට පත් නොවීම නිසා නැවත විද්වත් කමිටුවක් පත්කර විමර්ශනය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සිද්ධිය විමර්ශනය කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.