ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක විකිණූ අයෙකු අත්අඩංගුවට

ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට..

by Staff writer 17-08-2023 | 5:04 PM

COLOMBO (News 1st) –  ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයෙකු වත්තලදී අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ , වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් විසින් ය. 

උපාය දූතයෙකුට එන්නත් සහ පෙති වශයෙන් එම උත්තේජක ද්‍රව්‍ය රුපියල් 38,000 කට අළෙවි කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  

එම තහනම් උත්තේජක නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ ආයතනය සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. 

පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ මේ ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි. 

එම තහනම් උත්තේජක මගින් ලිංගික බෙලහීනතාවය , පුරස්ථි ග්‍රන්ති පිළිකා , වකුගඩු හා වෘෂණ කෝෂ වෙනස්වීම් වැනි රෝගවලට ගොදුරු විය හැකි බව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි.