එංගලන්තය අවසන් සටනට

එංගලන්තය ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් සටනට

by Staff writer 17-08-2023 | 7:41 AM

COLOMBO (News 1st) - සත්කාරක ඔස්ට්‍රේලියාව පරදා එංගලන්තය 2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන තිබේ.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදීයි.

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු 9ක් තිබියදී එංගලන්තය පළමු ගෝලය රැස් කළා ය.

එම ගෝලයට හිමිකම් කීවේ ඇලා ටූන්.

පළමු අර්ධයේදී සත්කාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට ගෝල රැස් කිරීමට හැකිවූයේ නැත.

තරගයේ දෙවැනි අර්ධයේ 18වැනි මිනිත්තුවේදී පළමු ගෝලය රැස් කළේ ඕස්ට්‍රේලියාවේ සෑම් කර්.

ඉන් මිනිත්තු 8කට පසු එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ලෝරන් හෙම්ප් දෙවැනි ගෝලය රැස් කළා ය.

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එංගලන්ත ක්‍රීඩිකාවන්ගෙන් හිමිවුණේ ප්‍රබල අභියෝගයකි.

තරගය අවසන් වීමට මිනිත්තු 4ක් තිබියදී එංගලන්තය ජයග්‍රාහී තුන්වැනි ගෝලය රැස් කළේ ඇලේසියා රූසෝ.

ඒ අනුව ගෝල 3ට 1ක් ලෙස එංගලන්තය තරගය ජය ගෙන තිබේ.

ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

ඒ අනුව එළැඹෙන ඉරිදා ස්පාඤ්ඤය සහ එංගලන්තය සිය කුළුඳුල් කාන්තා පාපන්දු ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් තරග බිමට පිවිසෙනු ඇති.