.webp)

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, එය යල කන්නයේ වගාවෙන් 10% ඉක්මවන බවය.
ගොවීන් 46,000 කට අධික පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මීට අමතරව ගොඩ බෝග වගා රැසකට ද වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
වැඩිම වගා හානියක් මේ වනවිට වාර්තා වී ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
එම දිස්ත්‍රික්කයේ ගොවින් 11333 කදී කුඹුරු විනාශ වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට සිදු වූ හානි ගණනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් එම කටයුතු සිදු කරනු ඇති.
යල කන්නයේ වගා කර ඇති සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 6 ලක්ෂකට අධිකයි.
හානියට පත් කුඹුරු සඳහා හෙටක්ටෙයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.
මේ අතර වහා හානි සඳහා වන්දි මුදල් වැඩි කිරීමේ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීම මහතා ප්‍රකාශ කර තිබේ.
