බඩුත් එක්ක අහුවුණු හොරු

නිවසක් බිඳ ලක්ෂ 268 ක් වටිනා භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 16-08-2023 | 4:28 PM

COLOMBO (News 1st) - වැලිකඩ කලපලුවාව ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 268 ක් වටිනා මුතු මැණික් රන් භාණ්ඩ හා දේපල සොරා ගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 25 හා 30 හැවිරිදි තලංගම උතුර හා මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඔවුන් සතුව තිබී මැණික් ගල් 924 ක්, රන් මාල ,අත් පළඳනා ඇතුළු ස්වරණාභාරණ තොගයක් මෙන්ම, විදුලි උපකරණ තොගයක්ද සොයා ගෙන ඇත.

සැකකරුවන්  අද (16)  අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.