උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

by Staff writer 16-08-2023 | 5:41 AM

COLOMBO (News 1st) - බලන හා ඉහළ කෝට්ටේ අතරදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, අද අලුයම ගස කඩා වැටී ඇති බවයි.

මේ හේතුවෙන් නුවර සිට කොළඹ බලා ධාවනට වීමට නියමිත දුම්රිය 4 ක් හා කොළඹ හා පොල්ගහවෙලින් නුවරට ධාවනය කිරීමට නියමිත දුම්රිය දෙකක් ප්‍රමාද විය හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

ගස ඉවත් කිරීම සඳහා මේ වනවිට කණ්ඩායම් යොමු කර තිබේ.