.webp)

එම අධිකාරිය සඳහන් කළේ, චන්ද්‍රිකා වැවට ජලය මුදා හැරිම අඛණ්ඩව සිදු කරන බවයි.
කෙසේ වෙතත් මුරවැසි හේන, මයුර පුර හා අගුණකොළපැලැස්ස යන ප්‍රදේශවල කුඹුරු ඉඩම් සඳහා ජලය මුදා හැරීමට හැකිව නැත.
එම ප්‍රදේශවල ජලය මුදා හැරීම අද (16) හා හෙට (17) දිනවල සිදු කිරීමට හැකිවෙතැයි මහවැලි අධිකාරිය විශ්වාසය පළ කළේ ය.
මහවැලි අධිකාරිය පැවසුවේ, ඊයේ දිනයේ ද සමනල වැවේ සිට අක්කර අඩි 1500 ක් උඩවලව ජලාශයට මුදා හැරුණු බවයි.
මේ අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ජලාශවල ධාරිතාව 29% ක් දක්වා අඩු වී ඇති බවයි.
කුරුණෑගල බතලේගොඩ වැවෙන් පෝෂණය වන ඇතැම් කුඹුරු ඉඩම්වලට ජලය සැපයීමේ දුෂ්කරතා මතුව ඇති බව එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ ය.
ඇය සඳහන් කළේ, උපරිම කළමණකාරණයකින් යුක්තව යළ කන්නය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ජලය මුදා හැරීමට සියලු පියවර ගන්නා බවයි.
