.webp)
-536061-536388-536800-537057-537416-538937-539002-540122-540228-540370.jpg)
එම මණ්ඩලය පැවසුවේ, පළමු අදියරේදී දැනට සියලු ගැටලු නිරාකරණය කළ පවුල් ලක්ෂ 15 කට මාසික වාරිකය ලබා දෙන බවයි.
වාරික ගෙවීම සඳහා මුදල්, මුදල් අමාත්‍යාංශය විසින් අදාළ රාජ්‍ය බැංකු වෙත මුදා හැරීම සිදු කරන බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේ ය.
අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුවනු ඇති.
අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000ක්.
එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර ඇත.
ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතයි.
