.webp)

අනතුරින් මියගොස් ඇත්තේ, අවුරුදු 38, 46, හා 58 යන වයස්වල පසුවන මුල්ලේරියාව, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
පොලීසිය පැවසුවේ, අද අලුයම කොළඹ සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක්, නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරුව එම ලොරි රථය ද ඉදිරියෙන් තිබූ තවත් ලොරි රථයක ගැටී ඇතැයි ද පොලීසිය පැවසීය.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
