මැතිවරණ කොමසාරිස්වරු අද කොමිසම හමුවට

සියලු දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

by Staff writer 15-08-2023 | 6:04 AM

COLOMBO (News 1st) - සියලු දිස්ත්‍රික්කවල සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද (15) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් මැතිවරණ කොමිසමට කැඳ වූ බවයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සමග පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙයයි.

ඉදිරියේදී පැවැත්විය හැකි මැතිවරණවලදී කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් සහ කොමිසමේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ ය.