.webp)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් වනිඳු හසරංග ඉල්ලීමක් කර තිබෙන්නේ, ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට අවසර ලබා දෙන ලෙසයි.
පන්දුවාර 20යි 20 සහ එක්දින ක්‍රිකට් තරග සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට මෙම තීරණය ගත් බව එම ලිපියෙන් ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, වනිඳුට ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට අවසර ලබා දුන් බවයි.
වනිඳු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ටෙස්ට් තරග 4කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.
එහිදී ඔහු දවාගෙන ඇති කඩුලු ගණන 4කි.
