මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

by Staff writer 15-08-2023 | 5:24 AM

COLOMBO (News 1st) - උතුරේ හා දකුණේ සාමයේ සංකේතය ලෙස සැලකෙන මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පැවැත්වේ.

මංගල්‍ය දිව්‍ය පූජාව අද උදෑසන 6.00 ට ආරම්භ විය.

මඩු දේවස්ථානයේ මංගල්‍ය පැවැත්වෙන්නේ, සෑම වසරකම අගෝස්තු මස 15 වැනි දිනයි.

ඒ, මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිතවීම හෙවත් අහස් නැගීමේ මංගල්‍යය මුල් කර ගනිමිනි. 

මෙවරත් මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ආරාධනයෙන් පැමිණි වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩප්පේ හිමිපාණන්, ගාල්ල රදගුරු අතිඋතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන්, අනුරාධපුර රදගුරු අතිඋතුම් නෝබට් අන්දාදි හිමිපාණන් ඇතුළු ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා රැසකගේ සහභාගීත්වයෙන් මංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වේ.

ඒ, බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

සිරස TV හා ශක්ති TV ඔස්සේ එහි නිල විකාශය සිදු කෙරනු ඇත.