වෙඩි තැබීම් දෙකක්,පුද්ගලයින් දෙදෙනෙකු මරුට

දකුණේ පළාතේ වෙඩි තැබීම් දෙකක්,පුද්ගලයින් දෙදෙනෙකු මරුට

by Staff writer 15-08-2023 | 9:50 PM

COLOMBO (News 1st) - පැය කිහිපයක් තුළ දකුණු පළාතේ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

එක් සිදුවීමක් වාර්තා වූයේ තංගල්ල , කුඩාවැල්ල ප්‍රදේශයෙනි. 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එම පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇත.

වෙඩි වැදීමෙන් මිය ගියේ එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිදිරි පුද්ගලයෙකි. 

අදාළ පුද්ගලයා අද (15) රාත්‍රි 7.00 ට පමණ කුඩාවැල්ල ප්‍රදේශයේදී තවත් පිරිසක් සමග කතා කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

වෙඩි තැබූ පුද්ගලයින් සොයා පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මකයි. 

මෙම සිද්ධිය වාර්තාවී පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේ පාළු පොල්වත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයා ද වෙඩි තබා ඝාතනය කර කිසියම් පිරිසක් සිරුර එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි, සැක කරන බවයි. 

මිය ගිය පුද්ගලයා කවුරුන්ද  යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති.

මේ සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ