ක්‍රීඩා ඇමතිගේ අත්සනින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 15-08-2023 | 8:24 AM

COLOMBO (News 1st) - ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, එම කමිටුව පසුගිය පෙබරවාරි 15 වැනි දා සිට බලාත්මක වන බවයි.

කමිටුවේ අධ්‍යක්ෂ හා ප්‍රධානිය ලෙස සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ මහතා පත්කර ඇත.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 21 වැනි වගන්තිය ප්‍රකාරව එම පනතේ නෛතික ප්‍රතිපාදන ප්‍රයෝගිකව ක්‍රියාවේ යෙදවීම සඳහා වසර 3 ක කාලයක් සඳහා මෙම කමිටුව පත්කර ඇතැයි එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.