නොරෝච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද යළි පද්ධතියට

අක්‍රියව පැවති නොරෝච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට යළි පද්ධතියට..

by Staff writer 15-08-2023 | 10:49 AM

COLOMBO (News 1st) - අක්‍රියව පැවති නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (15) රාත්‍රි 8.00 ට යළි පද්ධතියට එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ, එහි අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 08 වැනිදා නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බිඳ වැටුණි.

මේ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි විය.