හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 14-08-2023 | 5:18 PM

COLOMBO (News 1st) - හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 කට අධික ප්‍රමාණයක් සමග  කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, රාජගිරිය සහ රත්ගම ප්‍රදේශවලදී එම කාන්තාවන් අත්අඩංගුවට ගත් බවයි.

රාජගිරිය ප්‍රදේශයේදී අවුරුදු 44 ක් වයසැති කාන්තාවක් හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 790 ක් සමග  අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ, ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

39 හැවිරිදි අනෙක් සැකකාරිය පොලිස් විශේෂ කාර්ය බලකා, රත්ගම කඳවුරේ නිලධාරීන් විසින් හෙරෝයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 390 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.