සියලු ජලාශ එකම ආයතනයකින් පාලනයට අවධානය

සියලු ජලාශ එකම ආයතනයකින් පාලනයට ජනපතිගේ අවධානය - කෘෂිකර්ම ඇමති කියයි

by Staff writer 14-08-2023 | 6:25 AM

COLOMBO (News 1st) – දිවයිනේ පවතින සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, ආයතන කිහිපයක් යටතේ, ජලාශ පාලනය වීම ගැටලුකාරී තත්ත්වයක් බවයි.
 
මේ අතර, වලව ගොවි ගැටලුව මෙතෙක් නිසි පරිදි විසඳී නොමැති බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.