ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 14-08-2023 | 6:19 AM

දේශීය පුවත් 

1.IMF දෙවැනි සාකච්ඡා වටය සැප්තැම්බර් 11 වැනිදා ඇරඹෙයි…–  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සාකච්ඡා වටය සැප්තැම්බර් 11 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම වී ති‌බේ.  

2.පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන,බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයන සීමා ලිහිල් කිරීමට අවධානය – මුදල් රාජ්‍ය ඇමති– පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇතැයි, රජය පවසයි. 

3.O/L විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට සැලැස්මක්? –  සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.  

4. පුද්ගල ඝාතන 2ක්.. –  කෝපායි ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.  

5.සියලු මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්යය කෙරේ – පාර්ලිමේන්තු කාරක සභාවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග – සැප්තැම්බර් 15 වැනිදාට වන විට සියලු මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කරන්නැයි, සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. 


විදෙස් පුවත්
1.ඉතිහාසයේ පළමු වරට සෞදි රජය පලස්තීනය වෙනුවෙන් තානාපතිවරයෙක් නම් කරයි – ඉතිහාසයේ පළමු වරට සෞදි රජය විසින් පලස්තීනය වෙනුවෙන්, තානාපතිවරයෙක් නම් කර තිබේ.