.webp)
සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි.
අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව දෙලක්ෂ 17,000කි.
එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතයි.
මේ අතර, ගැටලු නිරාකරණය වි ඇති අස්වැසුම ප්‍රතිලාභීන් 15 ලක්ෂයකට පළමු වාරිකය මුදා හැරීම ලබන සතියේ සිදුකෙරෙන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේ ය.
මේ අතර, අස්වැසුම ප්‍රතිලාභ වානිජ බැංකු හරහා ලබා දීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට සමස්ත ලංකා සමෘද්ධි බැංකු සංගමය සිය විරෝධය පළ කරයි.
ඔවුන් මේ බව සඳහන් කළේ, මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින් ය.