අනුරාධපුරයේ වීවගාව:ජලය ගන්න තිබූ අවදානම පහවගිහින්

අනුරාධපුරයේ වී වගාවට ජලය සපයා ගැනීමට තිබූ අවදානම මේ වනවිට පහව ගිහින්.. - රොෂාන් රණසිංහ

by Staff writer 14-08-2023 | 6:34 AM

COLOMBO (News 1st) –  අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ජලය සපයා ගැනීමට තිබූ අවදානම මේ වනවිට පහව ගොස් ඇතැයි වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, කලාවැව හා කණ්ඩලම ව්‍යාපාරවල වී වගාව සඳහා ජලය ලබාදීමේ හැකියාව දැනට පවතින බවයි.

මේ වනවිට කොත්මලේ ජලාශයේ සියයට 61 ක ජල ධාරිතාවක් ද, පරාක්‍රම සමුද්‍රයේ සියයට 50 ක් ද, කලාවැවේ 20% ක ජල ධාරිතාවක් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජල විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදිය හැකි දායකත්වය 25% දක්වා පහළ ගොස් ඇතැයි ද වාරිමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේ ය.