O/L විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට සැලැස්මක්?

O/L විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට සැලැස්මක්?

by Staff writer 13-08-2023 | 2:43 PM

COLOMBO (News 1st) –  සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. 

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේ, එම කාර්යය එකවර කළ නොහැකි බවයි.

1, 6 සහ 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කනිෂ්ඨ, ද්විතීයික, ජ්‍යෙෂ්ඨ ද්විතීයික වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා 3ක් යටතේ එය කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.