.webp)
COLOMBO (News 1st) – ලබන 15 වැනිදායින් පසු සමනලවැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සීමා කිරීමට සැලසුම් කර තිබේ.
ඒ, ජලාශයේ ජල ධාරිතාව තවදුරටත් පහතවැටීම හේතුවෙන් ය.
ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, ඒ අනුව, දවසේ වැඩිම විදුලි ඉල්ලුමක් සහිත වේලාවේදී පමණක් විදුලිය නිෂ්පාදනයට පියවර ගන්නා බවයි.
ඒ සඳහා යොදා ගන්නා ජලය එම වේලාවේදී උඩවලව ජලාශයට මුදා හැරීමටත් විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇතැයි සඳහන් ය.
ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, විදුලිය නිෂ්පාදනය නොකරන කාලයේදී මිලියන් කියුබික් මීටර් දශම 25 ක ජල ධාරිතාවක් අඛණ්ඩව උඩවලව ජලාශයට මුදා හරින බවයි.
නව සැලසුම් අනුව, ලබන 20 වැනිදා තෙක් වැඩිම ඉල්ලුමක් සහිත වේලාවන්හිදී පමණක් විදුලිය නිෂ්පාදනය සිය අපේක්ෂාව බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.
අද දහවල් වනවිට සමනලවැව බලාගාරයේ එක් ජනන යන්ත්‍රයකින් විදුලිය නිෂ්පාදනයට කටයුතු කළ අතර, එහි ධාරිතාව මෙගාවොට් 60 කි.