අතිවිශේෂ ගැසට් නිවේදනයක්

චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ සංගීත ප්‍රසංග ප්‍රදර්ශන බලපත්‍ර ගාස්තු ඉහළට

by Staff writer 12-08-2023 | 7:01 PM

COLOMBO (News 1st)  - මෙරට තුළ චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ සංගීත හා ප්‍රාසාංගික දර්ශන පැවැත්වීම සඳහා අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නංවමින් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරට තුළ පූර්ව ප්‍රචාරක පටය ද සහිතව විදේශීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අදාළ සංශෝධිත ගාස්තුව, රුපියල් 40,000 කි.

පූර්ව ප්‍රචාරක පටය ද සහිතව දේශීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සඳහා අදාළ නව බලපත්‍ර ගාස්තුව දැක්වෙන්නේ රුපියල් 15,000ක් ලෙසයි.

ඉහත කාර්යයන් සඳහා සිනමා ශාලා පහසුකම් සපයා ගැනීම සඳහා ද රුපියල් 37,500ක බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුයි. 

දීර්ඝ වේදිකා නාට්‍යයක් සඳහා රුපියල් 1500 ක බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුයි.

දේශීය කලාකරුවන් සහභාගි වන එළිමහන් සංදර්ශනයක් සඳහා සංශෝධිත බලපත්‍ර ගාස්තුව රුපියල් 3750 කි.

දේශීය කලාකරුවන් සහභාගි වන ශාලාවක් තුළ සංදර්ශනයක් සඳහා නව බලපත්‍ර ගාස්තුව රුපියල් 3000 කි.

රූපවාහිනි නාලිකා මගින් සෘජුව සංවිධානය කරන සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා නව බලපත්‍ර ගාස්තුව සටහන් වන්නේ රුපියල් 37,500ක් ලෙසයි.