කැලණි ගඟට ලවන බාධක

කැලණි ගඟට ලවන බාධක

by Staff writer 12-08-2023 | 3:45 PM

COLOMBO (News 1st) - කැලණි ගඟ හරහා ලවණ බාධක ඉදිකිරීම අද (12) ආරම්භ කරන බව ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කලුආරච්චි මහත්මිය පැවසුවේ, ගඟට ලවන ජලය මිශ්‍ර වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි. 

වියලි කාලගුණය සමග කැලණි ගගේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ලවණ ජලය එක්වීමේ අවදානමක් පවතින බව ද ඇය සඳහන් කළා ය.

මේ අතර නියෝජ්‍ය සාමානාධිකාරිවරිය පැවසුවේ, පවතින වියලි කාලගුණය හමුවේ ජල පරිභෝජනය ද 10%-15% ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.