.webp)
COLOMBO (News 1st) – සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද(11) සිට අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ, ජල මට්ටම අඩු වීමත් සමග ටර්බයින් වෙත ජලය රැගෙන යන මාර්ගයේ දිය සුළි හට ගැනීම හේතුවෙන් ය.
මෙම සුළි හට ගැනීම ඊයේ දිනයේ සිදුවු අතර ඒ හේතුවෙන් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ වේගය අඩු කිරීමට සිදුවිය.
ඒ අනුව එක් විදුලි ජනන යන්ත්‍රයකින් ඊයේ උත්පාදනය කෙරුණේ මෙගාවොට් 40 ක් පමණි.
අද එය තවදුරටත් පහළ දැමීමට සිදුවනු ඇති බව විදුලි බල මණ්ඩලය විශ්වාසය පළ කළේ ය.
කෙසේ වෙතත් මේ වනවිට ජලය කියුබික් ලීටර් මිලියන 7.5 ක් සමනල වැවෙන් උඩවලට මුදා හැර තිබේ.
සමනල වැව ජලාශයේ ධාරිතාව පවත්නිනේ සියයට 8 ක් ලෙසයි.
මේ අතර සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය ඉල්ලා දින 18 කට පෙර වලව කලාපයේ ගොවීන් ඇඹිලිපිටියේදී ඇරඹූ සත්‍යග්‍රහය ඊයේ අවසන් කළේ ය.