.webp)
COLOMBO (News 1st) - වියළි කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය මධ්‍යස්ථාන 18 කින් ජලය බෙදා හැරීමට බාධා මතුව තිබේ.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී දකුණ, සමන්ත කුමාර මහතා සඳහන් කළේ දිවයින පුරා ජලය බෙදා හැරීමේ මධ්‍යස්ථාන 344 ක් පවතින බවයි.
ඉන් තවත් මධ්‍යස්ථාන 32 ක් අවදානම් මට්ටමේ පවතින බව ඔහු සඳහන් කළේ ය.
අදාළ ප්‍රදේශවල කලාප වෙන්කොට මුර ක්‍රමයට ජලය බෙදා හැරීම ආරම්භ කර තිබේ.
ඇතැම් ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සැපයෙන බව සමන්ත කුමාර මහතා සඳහන් කළේ ය.
උණුසුම් කාලගුණය හේතුවෙන් හම්බන්තොට, බදුල්ල, මොණරාගල, අම්පාර, කුරුණෑගල සහ යාපනය දිස්ත්‍රික්කවලට වැඩි වශයෙන් බලපෑම් එල්ල වී තිබේ.