මෙරටට අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාවක්..

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව අද විවෘත වෙයි..

by Staff writer 11-08-2023 | 7:34 AM

  COLOMBO (News 1st) –  මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව බණ්ඩාරවෙල, කහත්තේවෙල ප්‍රදේශයේදී අද(11) විවෘත කෙරෙයි. 

ඒ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ ය.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 කි.

මේ වනවිට අර්තාපල් තීරු ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500 ක් පමණ වැය කෙරෙයි.