අන්තරේ පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප

අන්තරේ පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනාට ඇප..

by Staff writer 11-08-2023 | 8:34 AM

 COLOMBO (News 1st) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කොළඹ පැවති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදාහැර තිබේ. 

ඒ ඔවුන් ඊයේ රාත්‍රි අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

රුපියල් 25000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරිමට අධිකරණය නියෝග කර තිබේ.

අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ලබන 14 වැනිදා නැවත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පස්වරුවේ ආරම්භ කළ පා ගමන විසුරුවා හැරිමට ස්ථාන 02 කදී පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේ ය.

ඒ , කිරුළපන හා විහාර මහා දේවි උද්‍යානය අසලදී ය. 

විරෝධතාව අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 20 දෙනෙකු ද  අත්අඩංගුවට ගනු ලැබුවේ ය. 

ඒ , නිතී විරෝධි පාගමනක නිරත වීම හේතුවෙන් ය. 

අත්අඩංගුවට ගත් අය අතර සිසුවියන් දෙදෙනෙකු ද වෙයි.