රට පුරා හොර දොස්තරවරු 40,000කට වැඩි ප්‍රමාණයක්

රට පුරා හොර දොස්තරවරු 40,000කට වැඩි ප්‍රමාණයක් බෙහෙත් දෙනවා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනාවරණයක්

by Staff writer 10-08-2023 | 7:37 AM

COLOMBO (News 1st) - රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් ජනතාවට ඖෂධ ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ඔවුන් ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාගෙන නොමැති බවයි.

ඒ හරහා ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට පත් ලක් වන බව ඔහු සඳහන් කළේ ය.