අමෙරිකානු ජනපතිට තර්ජනය කළ අයෙක් ඝාතනය කෙරේ

අමෙරිකානු ජනපතිට තර්ජනය කළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

by Staff writer 10-08-2023 | 7:47 AM

COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට තර්ජනය කළ පුද්ගලයෙකු යූටා ප්‍රාන්තයේදී වෙඩි තබා ඝාතනය කර ති‌බේ.

ඒ, අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය අදාළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකිනි.

අදාළ සැකකරු අමෙරිකානු ජනාධිපතිවරයාට සහ තවත් ඉහළ නිලධාරීන් පිරිසකට ප්‍රචණ්ඩකාරී ලෙස තර්ජනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් මුදා හැර තිබුණි.

ඒ, ගිනි අවි සහිත ඡායාරූප ද සමගින්ය.

අමෙරිකානු ජනාධිපතිවරයා යූටා ප්‍රදේශයේ සැලසුම් කර තිබූ සංචාරයකට පැය කිහිපයකට පෙර අදාළ සැකකරු එම තර්ජනය කර තිබීම ද විශේෂත්වයකි.

ඒ අනුව ක්‍රේග් රොබට්සන් නැමැති අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද සමගින් ඔහු පදිංචිව සිටි යූටා ප්‍රාන්තයේ ප්‍රෝවෝ නගරයේ විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණි.

එම මෙහෙයුම අතරතුර ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සැකකරු මියගොස් ඇත.