අපනයන තේවලට බලපත්‍ර ගාස්තුවක්

අපනයනය කෙරෙන තේ කිලෝග්‍රෑමයක් සඳහා රු. 3 ක බලපත්‍ර ගාස්තුවක්

by Staff writer 10-08-2023 | 11:03 AM

COLOMBO (News 1st) - අපනයනය කරන තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 3 ක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාගේ අත්සනිනි.

ඒ අනුව තේ කොමසාරිස්වරයා විසින් රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේදී අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු වේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩල ප්‍රාග්ධන අරමුදල වෙත අදාළ ගාස්තු බැර කෙරෙනු ඇති.