.webp)
මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනරයක් දුම්රියක ගැටීම හේතුවෙන් උතුරු සහ උඩරට දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ලවූයේ අද (09) උදෑසනයි.
මීරිගම දෙස සිට ගිරිඋල්ල දෙසට ධාවනය වූ කන්ටේනරථයක්, පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අර්ධ ශීඝ්‍රගාමි දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
පොලීසිය සඳහන් කළේ, දුම්රිය හරස් මාර්ගය වසා දැමීමට අදාළ සීනුව නාද වීම ආරම්භ වනවාත් සමගම කන්ටේනර් රථය දුම්රිය මාර්ගය දෙසට ධාවනය කිරීමෙන් අනතුර සිදුවූ බවයි.
අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු නොවීය.
අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය මීරිගම දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමත් ,කොළඹ දක්වා ධාවනය වූ දුම්රියන් අතරමඟ නතර කිරීමටත් සිදුවිය.
කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මේවන විට බාධා එල්ලවූ උතුරු සහ උඩරට දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.