මහ බැංකුවට අනවසරයෙන් ඇතුළු වූ 10දෙනාට ඇප..

මහ බැංකුවට අනවසරයෙන් ඇතුළු වී අත්අඩංගුවට ගත් 10දෙනාට ඇප..

by Staff writer 09-08-2023 | 4:24 PM

COLOMBO (News 1st) – මහ බැංකුවට අනවසරයෙන් ඇතුළුවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අද ඇප මත මුදා හැරිණ. 
 
ඒ , ඔවුන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවටඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

ලීසිං පොලි අනුපාත සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විමසීමට පැමිණි අදාළ පිරිස අනවසරයෙන් මහ බැංකුවට ඇතුළු වීමට උත්සහ කිරිමේදී ඊයේ අත්අඩංගුවට පත් විය. 

සැකකරුවන් රුපියල් ලක්ෂ 05 බැගින්වු ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේ ය.

මින්පසු අනවසරයෙන් කිසිදු රාජ්‍ය ආයතනයකට ඇතුළු වීමෙන් වළකින්නැයි ද මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට දැනුම් දෙයි.