COLOMBO (News 1st) - දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ අරමුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය.
පෙත්සම ගොනු කළේ, අන්තර් සමාගම් සේවක සංගමයයි.
දීර්ඝ වශයෙන් අධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය ප්‍රකාශයට පත් කළේ ය.