.webp)
ඒ, අද (09) උදෑසන පාර්ලිමේන්තුවේදී යි.
මේ අතර සංශෝධන සහිත විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
එයින් යෝජනා කර ඇත්තේ, ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන හාරදහස් නවසිය හැත්තෑ නවයේ සිට රුපියල් බිලියන දහතුන් දහස් නවසිය හැත්තෑ නවයක් දක්වා වැඩි කිරීමටයි.
ඒ අනුව ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන නවදහසකින් පමණ ඉහළ යනු ඇති.
මේ අතර ඔට්ටු ඇල්ලීම හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ද අද සිදුවේ.
ඊට අමතරව ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වන නියෝග ද අද විවාදයට ගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය සංශෝධන පනත් කෙටුම්පත, ඉන් අනතුරුව සළකා බැලේ.