ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 09-08-2023 | 7:23 AM

COLOMBO (News 1st) - දේශීය පුවත් 

01.නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය බිඳ වැටෙයි - විදුලිබල මණ්ඩලය

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හදිසියේ බිඳ වැටී තිබේ.

02. රසායනික කර්මාන්ත ශාලාවේ ගින්නෙන් අයෙකු මරුට: දුම ආග්‍රාහණය වූ සිසුන් 40ක් රෝහලට.

කඳාන පල්ලිය පාර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

03.මෙගා වොට් 120ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරමින් සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

සමනල වැවෙන් උඩවලට ජලාශයට ඊයේ  අලුයම 2.30 පමණ සිට ජලය මුදාහැරීම ආරම්භ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

04.වෙඩි වැදීමෙන් මියගිය පුද්ගල මළ සිරුරු දෙකක්, නුවරඑළියේ නිවසකින් හමුවෙයි

 නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේදී සැමියා සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර තිබේ.

05.19 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සබඳතාවක් පැවැත් වූ 55 හැවිරිදි පුද්ගලයෙක් ගස් බැඳ පහර දී ඝාතනය කෙරේ..

 චුන්නාහම්, උඩුවිල් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගසක බැඳ පහර දී ඝාතනය කර තිබේ.

විදෙස් පුවත් 

01.නීජර් රාජ්‍යයේ ජනපති යළි සේවයේ පිහිටුවන්නැයි අමෙරිකාව නීජර් හමුදා නායකයින්ට කියයි

පසුගිය මාසයේ නීජර් රාජ්‍යයේ සිදු වූ කුමන්ත්‍රණයෙන් පසු අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නීජර් හමුදා නායකයින් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා තිබේ.