අල්ලස් ගත් රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට..

අල්ලස් ගත් මැදගම ජල සම්පාදනයේ සේවකයෙක් අත්අඩංගුවට..

by Staff writer 09-08-2023 | 4:40 PM

COLOMBO (News 1st) – රුපියල් 4000ක් අල්ලස් වශයෙන් ලබා ගත් මැදගම ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ය. 
 
මැදගම ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය මගින් ජල සැපයුම ලබා දීමට සැකකරු පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 ක් ඉල්ලා තිබේ. 

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කලේ ඉන් රුපියල් 1000 ක් සැකකරු මීට පෙර ලබා ගෙන ඇති බවයි. 
 
ඉතිරි රුපියල් 4000 ලබා ගන්නා අවස්ථාවේදී මැදගම ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය අසලදීම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඔහු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.