.webp)
පොලීසිය සඳහන් කළේ, රසායනික කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවයි.
එලෙස මිය ගොස් ඇත්තේ, අදාළ කර්මාන්ත ශාලාවේ ගණකාරීවරයා ලෙස සේවය කළ පුද්ගලයෙකි.
ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 2ක් යොමුකර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මේ අතර අදාළ කර්මාන්ත ශාලාවේ ගින්නෙන් ඇතිවූ දුම අග්‍රාහණය වීමෙන් කඳාන ප්‍රදේශයේ පාසලක සිසුන් 40 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් බලධාරීන් සඳහන් කළේ, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.