කර්මාන්ත ශාලාවක අනතුරකින් පුද්ගලයින් 7කට තුවාාල

යකඩ කර්මාන්ත ශාලාවක අනතුරකින් ඉන්දීය ජාතිකයින් 07කට තුවාල

by Staff writer 07-08-2023 | 5:22 PM

COLOMBO (News 1st) - කැස්බෑව ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරකින් ඉන්දියන් ජාතිකයින් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.

කළුබෝවිල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවය.

කර්මාන්ත ශාලාවේ යකඩ උණුකරන යන්ත්‍රයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව ඔහු සඳහන් කළේය. 

රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේ, පිළිස්සුම් තුවාල සහිතව ඇතුළත් කෙරුණු ඉන්දියන් ජාතිකයින් 07 දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවයි.