ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට

පුහුණු ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට

by Staff writer 07-08-2023 | 12:00 PM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට ගුවන් යානයක් කඩා වැටීමෙන්, ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගුවන් හමුදාපති, එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පැවසුවේ, පුහුණු ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

ගුවන්ගත වී සුළු වේලාවකට පසු ගුවන් යානය කඩා වැටී ඇතැයි ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ ය.